දැනුම පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරිමත් අධ්‍යාපනය තුළින් ප්‍රබල ස්ථීරසාර පෞරුෂයක් ගොඩනැගීමත් නුතන අභියෝග වලින් ජය ගැනීමට ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කිරිමෙන් අප සිසු දරු දැරියන් සදාචාරාත්මක හා විනය ගරුක බවෙන් යුතූ පුරවැසියන් හැටියට සමාජයට දායාද කිරීමයි


පෝෂණ දිනය

පාසල් සිසු දරු දැරියන්ගේ පෝෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්  2010.06.21 දින විද්‍යාලයේදී  පැවැත්විණි. මේ සඳහා මාදම්පාගම මහජන සෞඛ්‍ය පරීක‍්ෂක වසන්ත අලහකෝන් මහතා විසින් දේශනය පවත්වන ලදී. මෙදින උදේ වරුවේදී සිසුන් දැනුවත් කල අතර සවස්වරුවේදී දෙමාපියන් දැනුවත් කරන ලදී.

ලෝක පරිසර දිනය සැමරීම

ලෝක පරිසර දිනය නිමිතිකරගෙන ප්‍රජාව දැනුවත් කිරීමේ පාගමනක් 2010 ජුනි මස 07 වන දින ආචාරිණී එස්.එම්. වැයිහේන ගුරු මහත්මියගේ ප්‍රධානත්වයෙන්පැවැත්විණි. මේ සඳහා 6 සහ 11 ශ්‍රේණිවල දරු දැරියන් සහභාගී විය.

ආධාර ලබාදීම

ගංවතුරින් අනාථ වූ සිසුදරු දැරියන්ට හා ප්‍රදේශවාසීන්ට ආධාර ලබාදීම 2010.06.02 දින ගාලූ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලවේදී සිදු කෙරිනි. සාමවිනිසුරු උපාලි සිරිවර්ධන මැතිතුමාගේ අනුග්‍රහය යටතේ ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු විසින් ආධාර පරිත්‍යාග කරන ලදී.

වෙසක් ධර්මදේශනය

වෙසක් උත්සවය නිමිත්තෙන් ධර්ම දේශනයක් 2010.05.26 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.   කහව සිරිසුමනාරාමයේ ස්වාමීන් වහන්සේ විසින් ධර්මදේශනය පවත්වන ලදී

විජයබා බක්මහ උළෙල - 2010

2010 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කර ඇති බක්මහ උළෙල 2010.04.05 දින විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එදිනට සිසුන් සඳහා තරග රාශියක් ඇති බව ප්‍රධාන සංවිධායක එන්.ඩබ්. අනුෂා මහත්මිය පැවසීය.

රිය නියාමකයින් පුහුණු කිරීම

මාර්ග අනතුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2010.03.30දින විද්‍යාලයේදී පැවැත්වුණි.ගරු විදුහල්පතිතුමාගේ ආරාධනයෙන් පැමිණි මීටියාගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපුල් මෙන්ඩිස් මහතා විසින් සිසුන් දැනුවත් කරන ලදී. එමෙන්ම පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා  රිය නියාමකයින් පුහුණු කිරීමද මෙම අවස්ථාවේදී සිදුවිය. රිය නියාමක ඇඳුම් කට්ටල 4ක් මෙහිදී විද්‍යාලයට ලබාදුනි.

වැඩිහිටියන්ට සැළකීම

7AB  ශ්‍රේණියේ බුද්ධාගම විෂයෙහි ප්‍රායෝගික ඇගයීමක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිහිටියන්ට සැළකීම නමැති තේමාව යටතේ ක්ෂේත්‍ර චාරිකාවක් 2010.02.19 දින සංවිධානයවිණි.මේසඳහා විෂයය භාර ආචාර්යතුමියගේ ප්‍රධානත්වයෙන් අලුත්වල පිහිටි අමරසීල වැඩිහිටි නිවාසය වෙත ගොස් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. වැඩිහිටියන් පිනවීම සඳහා සිසුන් විසින් විවිධ අංග ඉදිරිපත් කරන ලදී.

2600 සම්බුද්ධත්ව ජයන්තිය - පිණ්ඩපාත චාරිකා

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිණ්ඩපාත චාරිකා දානමය පිංකමක්2010.03.17 දින විද්‍යාලයේදී පැවත්විණි. විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුලු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් දන් පිළිගැන්වූ අතර සිසු දරු දැරියන් විසින් පිරිකර පූජා කරන ලදී.

 

උපාසක දානමය පිංකම 2010.2.28

උපාසක දානමය පිංකම 12 ශ්‍රේණියේ සිසුන්ගේ ප්‍රදානත්වයෙන් 2010.02.28 දින විද්‍යාලයීය ගෘහ විද්‍යාගාරයේදී සිදුරෙිණි.මෙය බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සඳහා ඇගයීමක් ලෙස පැවැත්වූ බව විෂයභාර ආචාර්ය ප්‍රීයන්ති ධර්මලතා මහත්මිය පැවසීය.

ලෝක ළමා දිනය 2009

ලෝක ළමා දිනය නිමිත්තෙන් සිසු දරුවන් හට තිළිණ ප්‍රදානය 2009 ඔක්තෝබර් 01 දින විද්‍යාලයේදී පැවැත්විණි මේ සදහා හික්කඩුව සීනිගම ලක්ලෝ පේනට් අධිපති ජී ස්ටැන්ලි ජයසිංහ මැතිතුමා පූර්ණ අනුග්‍රහය දැක්වීය

Latest image

Moonstone

Who's online

There are currently 0 users and 0 guests online.

Principal Message

ක්‍රි:ව: 1817 දී ආරම්භ කර ඇති දප/අම්/වේරගොඩ විජයබා මහා   විද්‍යාලයට එදා මෙදා ගුරු වසර 117ක ජීවිත කාලය තුල දහස් ගණනකට සිප් සතර ලබා දෙමින් සිරිලක පමණක් නොව විදෙස් රටවල පවා කීර්තියට පත් ප්‍රභූවරු රැසක් බිහි කළ විද්‍යාලයකි'                 ප්‍රෞඩ ඉතිහාසයකට උරුමය විදහා දක්වමින් වසරෙන් වසර දියුණුවට පත් වූ විජයබා මෑණියන් පාසල් ඉතිහාසයේ රන් අකුරින් සනිටුුහන් කලයුතු ස්වර්ණමය අවස්ථාවකට මේ මොහොතේ අවතීර්ණ වේිි' අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳූන්ගේ සංකල්පයක් මත ඉසුරු පාසල් ව්‍යාපෘතියට ඇතුලත් විම ඒ අගනා සම්ප්‍රාප්තියයි.           21වන සියවසයෙහි මුz ලොවම එකම මොහොතකින් සිසාරා බැලිය හැකි අන්තර් ජාලයට පිිවිසීමට අප පාසලේ දරුවන්ට වරම් ලැඛෙන මේ මොහොතේ ගම්බද පාසලක විදූහල්පති ලෙස අතිශයින්ම පී්‍රතියට පත් වන බව නිරහංකාරව ප්‍රකාශ කරන අතර එය අප ලද අද්විතීය ජයග්‍රහණයක් බවද සනිටුහන් කරමි'  අන්තර් ජාලයට එක්වෙමින් නව වෙබ් අඩවියට ප්‍රවිෂ්ටවීමේ වාසනාව ලද ගම් බද දූ දරුවන්ගේ් අනාගතය දීප්තිමත්වනු නිසැක බවත් වත්මන්  විදූහල්පතිලෙස හදපිරි සොම්නසින් සුබ පැතුම් එක් කරමි' අවසාන වශයෙන් ¶ඉසුරු පාසල්¶ව්‍යාපෘතිය තුලින් විජයබා විදූහල් මාතාව දිනෙන් දින ලක් අඹරේ කීර්තිමත් ලෙස වැජෙඕවා~යි සුභාශිංසනය කරමි'  විදූහල් මාතාවනි ඔබට චිරං ජයතු